මහර බන්ධනාගාරයේ පළායෑමට තැත්කළ රැඳවියෙක් මියයයි

මැයි 03, 2020

    අද දින (03) අලුයම 2.30ත් 3.00 ත් අතර කාලයේ රාගම, මහර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙක් පමණ ලණු හා බෙඩ් ෂීට් ආධාරයෙන් බන්ධනාගාර තාප්පයෙන් පැන යාමට උත්සහ කර තිබේ.

    එම අවස්ථාවේ රැඳවියන් පැන යාම වැළැක්වීම සඳහා බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් විසින් ඉහළට වෙඩි තැබිමක් සිදුකර තිබේ. රැඳවියන් කිසිවෙකුටත් පලා යාමට නොහැකි වී ඇති අතර පැනයාමට උත්සහ කළ අවස්ථාවේ එක් රැඳවියෙකුට සිදුවූ තුවාල හේතුවෙන් ඔහු ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

    තවද එම අවස්ථාවේ රැඳවියන් හා බන්ධනාගාර නිලධාරීන් අතර සිදුවූ පොර බැඳීමක දී බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඔවුන් ද ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇත.

    මියගිය රැඳවියාගේ මෘත දේහය සම්බන්ධයෙන් වත්තල මහේස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි. රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Last modified on ඉරිදා, 03 මැයි 2020 10:52

    Latest News