නාවලපිටිය සෙබලෙකුගේ පවුලේ පිරිසකටත් ආසාදිතයි

මැයි 03, 2020

    නාවලපිටිය ප්‍රදේශයේ හුදකලා කල ගම්මානයේ නාවික හමුදා සෙබලෙකුගේ පවුලේ සමාජිකයන්ටත් කොරෝනා වෛරසය අසාධය වි ඇති බවට තහවුරු වී තිබේ.

    නාවලපිටිය, ගොන්දෙන්නා සහ දෙකිද, අලුත්ගම ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළුන් දෙදෙනෙක්ට කොරෝනා වෛසරය අසාධනය වීමත් සමග එම ගම්මාන දෙකම දින 14 කට හුදකලා කිරිමට නාවලපිටිය පොලිසිය සහ නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර තිබිණ.

    ගොන්දෙන්නාව පදිංචි වෛසරය අසාදිත නාවික හමුදා සෙබලාගේ බිරිද හා දරුවන් දෙදෙනා සහ පවුලේ සමාජිකයන් මිහින්තලේ නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබියදි සිදු කල පි.සි.ආර් පරික්ෂණයේදී ඔවුන්ට වෛසරය අසාධයනය වි ඇති බවට තහවුරු විය.

     

     

    Latest News