මූලික පිරිවෙන් විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ

මැයි 03, 2020

    2019 දෙසැම්බර් මස පවත්වන ලද මූලික පිරිවෙන් විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    විභාග දෙපාර්තමේන්තුවේ www.results.exams.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගැනීමට අයදුම්කරුවන්ට අවස්ථාව සලසා ඇත.

    මෙවර මූලික පිරිවෙන් අවසන් විභාගයට නව නිර්දේශය යටතේ අයදුම්කරුවන් 3,394 දෙනෙක් ද, පැරණි විෂය නිර්දේශය යටතේ අයදුම්කරුවන් 252 දෙනෙක්ද පෙනී සිටින ලදී.

    එක් එක් පිරිවෙනට අදාළ ප්‍රතිඵල ලේඛන බාගත කිරීමට හෝ නිරීක්ෂණය කිරීමටද පරිවේනාධිපති හිමිවරුන් වෙත අදාල පරිශීලක නාම (user name) සහ මුරපද (password) විභාග දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇත.

    විභාග ප්‍රතිඵල සම්බන්ධව කිසියම් විමසීමක් සිදු කිරීමට ඇතොත්, විභාග දෙපාර්තමේන්තුවේ ආයතනික විභාග ශාඛාවේ 0112 - 786 201, ආයතනික විභාග ප්‍රතිඵල ශාඛාවේ 0112 - 787 221 හෝ විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1911 මගින් අදාළ විමසීම් සිදු කළ හැකියි.

    ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීම, විභාග සහතික පත්‍ර නිකුත් කිරීම සම්බන්ධ තොරතුරු ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ.

    Latest News