නව නිපැයුම් පිළිබඳ දැනුම් දෙන්න

මැයි 03, 2020

    රට ව්‍යසනයකට මුහුණ දී සිිටියද එම ව්‍යසනයම අවස්ථාවක් කර ගනිමින් ශී‍්‍ර ලාංකිකයන් බොහෝ දෙනෙකු මේ දිනවල නව නිපැයුම් සිදු කරනවා.

    එවැනි නව නිපැයුම් දිරි ගැන්වීමටත්, නව නිපැයුම් ඊළග තලයට රැගෙන යාමට සහය දීමටත් රජය සූදානම් බවයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ.

    නවෝත්පාදන දිරි ගැන්වීම සඳහා වූ අග‍්‍රාමාත්‍ය කමිටුව ඉකුත්දා පත් කෙරුණේද ඒ සඳහායි.

    ඒ අනුව තමන් සිදු කරන නව නිපැයුම් පිළිබඳව නොපමාව මෙම කමිටුවට දැනුම් දෙන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලිමක් කරනවා.

    pmti.mahindarajapaksa.lk වෙබ් අඩවියට පිවිස නියමිත කාණ්ඩය යටතේ පෝරමයක් පිරවීමෙන් දැනුම් දීම කල හැකියි.

    සෑම දැනුම් දීමක් සඳහාම කඩිනමින් ප‍්‍රතිචාර දක්වන ලෙස අග‍්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

    ‘‘ශී‍්‍ර ලාංකීය නව නිපැයුමෙන් ලොවම දිනමු’’ යන තේමාව යටතේ මෙම වැඩසටහන සංවිධාන කර තිබෙන්නේ.

    Latest News