මනාප අංක ගැසට් කිරීම කල්යයි

මැයි 03, 2020

    පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට නියමිත අපේක්ෂකයින්ගේ මනාප අංක ගැසට් කිරීම කල්ගිය බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

    එමෙන්ම ජූනි 20 වනදා පැවැත්වීමට නියම කර ඇති මහමැතිවරණය නියමිත දිනට පවත්වන්නේ ද නැතහොත් තවදුරටත් කල් දැමිය යුතුද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව, එම කොමිසම දැනුම් දී තිබේ.

    ඉදිරි මහ මැතිවරණයට තරඟ වදින දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ ( (02) පැවැත්විණ.

    Latest News