තම සීමිත ගුවන් මෙහෙයුම් ක්රියාත්මක කිරිමේ වැඩසටහන යටතේ ඊයේ (14) රාත්රී 07.20ට ශ්රීලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 454 දරණ ගුවන් යානය ජපානයේ නරීටා වෙත ගමන් කළේය.
ඊට ජපන් ජාතිකයින් 16 දෙනෙක් ද ඇතුළත්. සෙසු පිරිස කටුනායක ගුවන්තොටුපලෙන් ජපානය වෙත පිවිසිය හැකි සුදුසුකම් ලැබූ ශ්රී ලාංකික සහ විදේශිකයින් 141 දෙනෙක්.මෙම ජපන් ජාතිකයින් 16 දෙනා ඊයේ දහවල් මාලදිවයිනේ සිට මෙරටට රැගෙන ආ පිරිසයි.
ඔවුන් ව්යාපාරික පංතියේ ආසන වල 10 දෙනෙකු ද, පිරිමැසුම්දායක පංතියේ 147 ක් ද වශයෙන් අසුන් ගෙන ඇත. මේ අතර සිය මෙහෙයුම් ආරම්භ කරමින් ශ්රී ලංකන් ගුවන් සමාගම පසුගියදා ලන්ඩන් සහ පාකිස්ථානයේ කරච්චි දක්වා ගුවන් මෙහෙයුම් සිදු කළේය.