මීට පෙර අවසන් වරට වාර්තා වු ආසාදිතයා වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරි කළ සෙබලෙක් ඇසුරු කළ පුද්ගලයෙක් බව හඳුනා ගෙන තිබේ. එමෙන්ම වෛරසය ආසාදනය වී සිට සුවය ලැබු 63 දෙනෙක් අද දිනයේ රෝහල්වලින් පිටව ගියේය.
ඒ අනුව මේ වන විට රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 471 ක්. 445 දෙනෙක් පූර්ණ සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටව ගොස් තිබේ.
මේ වන විට කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.