මෙරට ධීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියානු මුහුද දෙසට ගසාගෙන යයි

මැයි 20, 2020

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට බහුදින ධීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගොස් ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

    එම යාත්‍රාවල ධීවරයින් 180 දෙනෙක් රැදී සිටින අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බවට තොරතුරු ලැබී තිබේ.

    අදාළ ධීවරයින් සම්බන්ධයෙන් ඉන්දුනීසියානු හා නිකොබාර් දූපත් බලධාරීන් මෙන්ම ඉන්දීය බලධාරීන් ද දැනුවත් කිරීමට ධීවර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    කාලගුණ තත්ත්වය යහපත් වීමෙන් අනතුරුව එම ධීවරයින් මෙරටට ළඟා වීමට නියමිතයි. අවශ්‍ය වුවහොත් ඔවුන් මුදාගැනීම සඳහා කටයුතු යෙදීමට පියවර ගන්නා බව ධීවර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

    Last modified on බදාදා, 20 මැයි 2020 17:26

    Latest News