සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදුන් නිර්දේශයන්ට අනුකූලව තැපැල් ඡන්දය පැවැත්විය යුතු ආකාරය පිළිබදව, තැපැල් ඡන්දය සදහා කුමන රාජ්‍ය සේවකයන් සහභාගි කර ගත යුතු ද යන්න, ඡන්ද රැස්වීම් පැවැත්විය යුතු ආකාරය, ගෙයින් ගෙට යාමේ ප්රචාරක කටයුතු සිදු කළ යුතු ආකාරය, ඡන්ද දිනයේ ඡන්ද විමසීම් කටයුතු සිදු කළ යුතු ආකාරය, ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කළ යුතු ආකාරය ආදි කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඇතුලත් මාර්ගෝපදේශ අද දිනම (03) මැතිවරණ කොමිසම වෙත ලබාදෙනු ලැබු බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැසීය.
අද දින (03) මැතිවරණ කොමිසමත් සමග සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු කණ්ඩායමක් විසින් ඊට අදාලව සාකච්ඡා සිදු කරන කරන බවත් සෞඛ්‍ය අමාත්‍යතුමිය සදහන් කරයි.
මෙම නිර්දේශ ඇතුලත් මාර්ගෝපදේශ මැතිවරණ කොමිසමට ලැබීමත් සමග සෞඛ්යආරක්ෂිතව මහමැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු ඉතා ඉක්මණීන් ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යතුමිය වැඩිදුරටත් සදහන් කරන ලදි.