සති 3 ක් තුළ කන්ටේනර් 4000ක් වරායේ හිර වේ

ජූනි 07, 2020

    ආනයන සීමා දැඩි කර නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන් ඒ වනවිට ඇනවුම් කර තිබූ භාණ්ඩ පිරවූ කන්ටේනර් 4000 ට වැඩි ප්‍රමාණයක් සති 03 ක් තිස්සේ කොළඹ වරායේ ගොඩගැසී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන ව්‍යාපාරිකයෝ පවසති.

    පසුගිය මැයි 21 වැනි දින නිකුත් කළ ගැසට් නිවේදනය අනුව, ඇතැම් භාණ්ඩ ආනයනය නරත කළ අතර තවත් භාණ්ඩ දින 90ත් 180ත් අතර අයිරාවක් මතද ආනයනයට සීමා පැණවීය.

    කෙසේ වෙතත් ඒ වන විටත් ඇණවුම් කර තිබූ නැව්ගත කර තිබූ හා වරායට පැමිණි ගුදම්වල තිබූ භාණ්ඩ පිරවූ කන්ටේනර් සඳහා ද මෙම හදිසියේ පැනවූ තහනම බලපෑම හේතුවෙන් ව්‍යාපාරිකයින් දැඩි අසීරු තත්ත්වයට පත්ව ඇත.

    එමෙන්ම මෙම කන්ටේනර් මුදා ගැනීමට සහන කාලයක් ලබා නොදීම හේතුවෙන් විශාල රේගු ගාස්තුවක් හා වරායට ප්‍රමාද ගාස්තුවක් ද ගෙවීමට සිදුව තිබේ.

    මෙම තත්ත්වය මත ඉදිරියේ දී අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් හා මිල වැඩිවීමක් ඇතිවීම වැළැක්විය නොහැකි බව, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා 04 වැනි හරස් වීදියේ තොග ව්‍යාපාරිකයෝ පවසති.

     

    Latest News