ජර්මානු රජයෙන් යුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර

ජූනි 10, 2020

    යුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ජර්මානු රජය සමඟ ගිවිසුමකට අද (10) එළඹෙන ලදී.

    තරුණ පරපුර සඳහා ඉල්ලුම මත පදනම්ව වෘත්තීය පුහුණුව ලබාදීමට යුරෝ මිලියන 7 වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් ද, සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන සඳහා යුරෝ මිලියන 3.5 ක් ද , යුරෝ මිලියන 0.5ක් නව ව්‍යාපෘති සැකසීමේදී අවශ්‍ය අධ්‍යයනයන් සිදු කිරීමටත්, කුඩා පරිමාණයේ ව්‍යාපෘති මූලනය කිරීමටත්, ජර්මානු විශේෂඥයන්ගේ සේවා ලබා ගැනීමටත් වශයෙන් මෙම අරමුදල ප්‍රධානය කෙරේ.

    ඉහත ව්‍යාපෘතීන් ජර්මානු රජයේ GIZ ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

    වෘත්තීය පුහුණු සහ සුලු හා මධ්‍ය පරිමාණ අංශයන් වල සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය විසින් දරණ ප්‍රයත්නයන්ට විවිධාකාරයේ මැදිහත් වීම් මඟින් තාක්ෂණික හා ප්‍රදාන අධාර සහයෝගීතාවයන් ලබා දෙමින් ජර්මානු රජය අනුග්‍රහය දක්වමින් සිටී.

    උත්ක ප්‍රධාන වලට අදාල ගිවිසුම අත්සන් කිරීම අද දින මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේදී සිදු කරන ලදී. එම අමාත්‍යාංශයේ ලේකම්, එස්.ආර්. ආටිගල මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙනුත්, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ජෝන් රෝඩ් මහතා ජර්මානු රජය වෙනුවෙනුත් එම ගිවිසුමට අත්සන් තබන ලදී.විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර මහතා සහ GIZ ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටීන් ඉයන්ෆල්ඩ් මහත්මියද මෙම අවස්ථාවට සහභාගී විය.

    Latest News