කරච්චි නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම පිරිස පැමිණ තිබේ.
පකිස්ථානයේ ලාහෝර් නුවර සහ පසුව කරච්චි නුවර ගුවන් තොටුපළ දෙකම වෙත ගොස්, ඒවායේ රැඳී සිටි මෙම ගුවන් මගීන් පිරිස රැගෙන , ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 1282 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 4.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
මෙම ගුවන් මගීන් පිරිස සහ එම ගුවන් යානා කාර්යය මණ්ඩලය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව, පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කෙරිණ.
එම පරීක්ෂණවල ප්රතිඵල ලැබෙන තෙක් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අසල ඇති හෝටල් 04ක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා තිබුණි.