ඉම්රාන් ඉල්ලා දහස් ගණන් වීදි බසියි

සැප් 09, 2024
    දේශපාලන චෝදනා සම්බන්ධයෙන් සිරගත කර සිටින පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා දහස් සංඛ්යාත ජනතාවක් වීදි බැස තිබෙනවා.

    ඉම්රාන් ඛාන් සිරගත කර මේ වන විට වසරකට අධික කාලයක් ගතවී අවසන්.

    ඉම්රාන් ඛාන්ගේ පකිස්තාන පීටීඅයි පක්ෂය ඉස්ලාමාබාද්හි ඊයේ රැලියක් සංවිධානය කර තිබුණා.
     
    විදෙස් මාධ්ය වාර්තා කලේ ඔහුගේ ආධාරකරුවන් රටේ විවිධ ප්රදේශවලින් අගනුවරට පැමිණ සිටි බවයි.
     
    දූෂිත හා අදක්ෂ දේශපාලකයන්ගේ ග්රහණයෙන් පකිස්ථානය ගලවා ගත හැකි එකම නායකයා ඉම්රාන් බව ලාහෝරයේ ප්රකට නීතිඥයෙකු සහ පීටීඅයි නායකයෙකු වන සල්මන් අක්රම් රාජා ප්රකාශ කළා.
     
    ඉස්ලාමාබාද් පරිපාලනය නගරයට ඇතුළු වන ප්රධාන ස්ථාන අවහිර කර තිබූ අතර, නොසන්සුන්තා වැළැක්වීම සඳහා නැව් බහාලුම් යොදා තිබූ අතර, කැරලි මර්දන පොලිසියද කැඳවා තිබුණා.
     
    පක්ෂ ක්රියාකාරීන් ඇතැම් ස්ථානවල තිබූ බහාලුම් ඉවත් කර ගමන් කරන ආකරය සමාජ මාධ්ය වාර්තා කර තිබුණා.
     
    පීටීඅයි පක්ෂයේ ක්රියාකාරීන් කියා සිටියේ කම්කරුවන් රැලියට පැමිණීම වැළැක්වීම සඳහා බලධාරීන් ඔවුන්ට හිරිහැර කරන බවයි.
     
    කෝපයට පත් විරෝධතාකරුවන් කැරලි මර්දන පොලිසියට ගල් ප්රහාර එල්ල කළ අතර, පොලීසිය ඔවුන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්රහාර එල්ල කළා.
     
    හිටපු ක්රිකට් තරුවක් වන ඉම්රාන් ඛාන් 2022 අප්රේල් මාසයේදී විශ්වාසභංගයකින් අගමැති ධුරයෙන් නෙරපා හරිනු ලැබුවා.
     
    අනතුරුව ඔහු 2023 අගෝස්තු මාසයේදී සිරගත කෙරුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥ මණ්ඩලය පසුගිය ජූලි මාසයේ කියා සිටියේ, ඉම්රාන් ඛාන් රඳවා තබා ගැනීමට නීත්යානුකූල පදනමක් නොමැති බවයි.

    Latest News