මධුෂ් සමග සබඳතා පැවැත්වූ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

ජූනි 15, 2020

    සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් සමග සබඳතා පැවැත්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ, සැකකරු කලක සිට මාකඳුරේ මධුෂ් සමග එක්ව මත්කුඩු ජාවාරම මෙහෙයවා ඇති බවය.

    මත්කුඩු අලෙවි කිරීමෙන් ඔහු මාසිකව රුපියල් මිලියන 40 කට ආසන්න මුදල් සිය බැංකු ගිණුම්වලට බැර කර ඇති බව අනාවරණයවී ඇතැයි පොලීසිය පැවසීය.

    ඒ අනුව සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 08 ක මුදල් මෙන්ම මෝටර් රථයක් පොලීසිය භාරයට ගෙන තිබේ.

    පොලීසිය සඳහන් කළේ, සැකකරුගේ බැංකු ගිණුමෙන් මාස කිහිපයක් තුළ රුපියල් මිලියන 480 කට ආසන්න මුදල් හුවමාරුවී ඇති බවයි.

    47 හැවිරිදි සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    දින 07 ක රැඳවුම් නියෝග මත මේ වනවිට සැකකරුගෙන් ප්‍රශ්න කරමින් ඇතැයි පොලීසිය සඳහන් කළේය.

    Latest News