ව්‍යාපාර නඟාසිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බිලියන 28ක්

ජූනි 25, 2020

    නව කොරොනා වසංගතයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර සඳහා සියයට 4 පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාර 13,861ක් සඳහා රුපියල් බිලියන 28ක මුදලක් අනුමත කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    කොරොනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර පුනර්ජීවනය කිරීම හා රටේ ආර්ථික කටයුතු යළි ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, නව ව්‍යාපෘතියක් ලෙස“ සෞභාග්‍යා කොවිඩ් -19 පුනරුද සහන” ප්‍රතිමූල්‍ය පහසුකම මාර්තු මස 24 වැනි දින ප්‍රකාශයට පත් කළේය.

    එම ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ ව්‍යාපාර 13,861ක් සඳහා රුපියල් බිලියන 27.9ක මුදලක් අනුමත කර ඇති බවත් අද (24) දින වනවිට බැංකුවලින් දිවයින පුරා ඇති ව්‍යාපාර 7,274ක් සඳහා රුපියල් බිලියන 14.8ක් මුදාහැර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    සියයට 4ක සහනදායී වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ මාස හයක සහන කාලයකට යටත්ව මාස 24කින් ආපසු ගෙවා නිම කළ හැකි වන පරිදි මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර ඇත.

    Latest News