කහ කන්ටේනර් 45 ක් රේගු පරීක්ෂණයට

ජූනි 25, 2020

    කහ මෙරටට ගෙන්වීමට සීමා පනවා තිබියදී එම සීමා නොනකා මෙරටට කහ ආනයනය කර ඇති කහ බහාලුම් 45 කට අධික සංඛ්‍යාවක් සම්බනධයෙන් ශ්‍රී ලංකා රේගුව විමර්ශන ආරම්භ කර ඇති බව රේගු ආරංචි මාර්ග කියයි.

    මෙම ක්ටේනර් සියල්ල රේගු බාරයට ගෙන මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

    මෙම කහ කන්ටේනර් නීති විරෝධී ලෙසට මෙරට ගෙන්වු ඒවා බවට පරීක්ෂණ වලදී හෙළි වුවහොත් ඒවා රාජසන්ත කිරීමට පියවර ගන්නා බවද සුනිල් ජයරත්න මහතා පැවසීය.

    මෙම සියලු කහ ඉන්දියාවේ සිට ආනයන කළ ඒවා බවද පැවසේ.

    කහකුඩු මිළ ඉහළ යාමත් සමග රජය කහකුඩු සදහා රුපියල් 750 ක උපරිම මිළක් නියම කර අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ආනයනය කිරීම සීමා කර තිබුණි.

    Latest News