කොණ්ඩ ජනියාගේ නිවස අසළින් ආයුධ හමුවේ

ජූනි 26, 2020

    අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග ලබාගෙන සිටින සැකකරුවෙකු වන කොණ්ඩ ජනියා නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ නිවසෙහි ඉදිරිපිට සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, ජීව පතොරම් 05ක් ගල්කිස්ස පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    පසුගිය මස 19 වන දින ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට මන්නා පිහිවලින් පහර දී අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියට හා 29 දින එම හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

    පසුව රැඳවුම් නියෝග ලබාගෙන ගල්කිස්ස පොලීසිය විසින් සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවීය.

    Latest News