උත්සවය පැවැත්වුණේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන්.
උප අනු කණ්ඩයක් ලෙස 2010 දෙසැම්බර් 10 වැනි දින මෙම කඳවුර ආරම්භ කෙරිණ. එය හම්බන්තොට නාවික ස්ථානගත කිරීම ලෙස නම් කෙරුණේ, 2018 වසරේදී. හම්බන්තොට කාවන්තිස්ස කඳවුර ධඡ නිලධාරියෙකු ඇතුළු නිලධාරීන් 30 දෙනෙකුගෙන් සහ නාවිකයන් 802ක ගෙන් සමන්විතයි. රන්න, කලමැටිය සිට කුඹුක්කන් ඔය දක්වා කිලෝමීටර් 101ක වෙරළ තීරයක් කාවන්තිස්ස ආයතනයේ මුහුදුබල ප්රදේශයට අයත්වේ. එසේම හම්බන්තොට වරායේ ආරක්ෂක රාජකාරී, දකුණු නාවික මුහුදු සීමාවේ යාත්රා කරන සියලුම නෞකා සහ යාත්රා නිරීක්ෂණය සඳහා මෙහෙයුම් මැදිරිය ක්රියාත්මක කිරීම, මුර සංචාර සිදු කිරීම ඇතුළු රාජකාරි රැසක් මෙම ආයතනයට පැවරේ. කිරිඳිඔය, සූරියවැව නාවික අනුඛණ්ඩ සහ අමදූව නාවික උප අනු කණ්ඩය මේ යටතේ ක්රියාත්මකයි.