කොවිඩ්19 වත්මන් තත්වය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානයෙන්

ජූලි 12, 2020

    කොරෝනා වසංගතයේ වත්මන් තත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියලුම අධ්‍යාපන කාර්ය මණ්ඩලවල සෞඛ්‍යාරක්‍ෂාව සහතික කිරීම වෙනුවෙන් අවධානය යොමු කරන බවයි.

    මේ සඳහා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපනය කර තිබේ. මෙම මධ්‍යස්ථානය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයෙකු යටතේ ක්‍රියාත්මකයි. එහි ක්‍ෂණික දුරකතන ඇමතුම් අංකය වන්නේ 1988. ෆැක්ස් 0112 78 58 18. ඊමේල් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. මෙම අංක අමතා විදුහල්පතිවරුන්ට, අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන්ට සහ අධ්‍යාපන බලධාරීන්ට තම සේවා ස්ථානයේ සහ ප්‍රදේශයේ කොවිඩ් 19 වත්මන් තත්වය සම්බන්ධයෙන් තොරතුරු එවිය හැක. එම තොරතුරු මධ්‍යස්ථානය, දිවයිනේ සියළුම පළාත්, කලාප හා කොට්ඨාසවල වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව තොරතුරු රැස්කර ගනු ඇත. එම තොරතුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබීමට නියමිතයි.

    Latest News