නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ සැළකිය යුතු තැන්පත්කරුවන් ප්‍රමාණයක් තවමත් තමන්ට හිමි රක්ෂණ වන්දි මුදල් ලබා ගැනීම සඳහා පැමිණ නොමැති බවත් ඔවුන් මහජන බැංකුව වෙත පැමිණ තමන්ට හිමි රක්ෂණ වන්දි මුදල් ලබා ගන්නා ලෙසත්ය.
ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනය මගින් තහවුරු කරන ලද තැන්පත්කරුවන් 147,000කට පමණ රක්ෂණ වන්දි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල වෙතින් මේ වන විටත් වෙන් කර දී අවසන්ය.
ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන් 19,279ක් මහජන බැංකුව වෙත පැමිණ තමන්ට හිමි රක්ෂණ වන්දි මුදල් ලබා ගෙන ඇති බවත් ඒ වෙනුවෙන් මේ දක්වා වැය වී ඇති මුදල රුපියල් කෝටි 517ක් පමණ බවත් මහ බැංකුව පවසයි.