පසුගිය 24 වැනිදා අලුයම අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලා ගිය කොවිඩ් නයින්ටීන් ආසාදිතයා පැය 8කට පසු කොළඹ ජාතික රෝහල අසළදී සෞඛ්‍ය හා ආරක්ෂක අංශ භාරයට පත්විය.
ත්‍රිකුණාමලය වල්ලිමලර් හි පදිංචි මොහොමඩ් කාසීම් මොහොමඩ් නසීම් නැමැති ඔහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි පුද්ගලයෙකි.
අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව කාසිම් පසුගිය මැයි මස 12 වැනි දා කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබිණ.