16 හැවිරිදි පිරිමි දරුවෙකුට අමානුෂික වධ දුන් 4ක් බන්ධනාගාරයට

අගෝ 16, 2020

    16 හැවිරිදි පිරිමි දරුවෙකු ධීවර කටයුතු සඳහා රැගෙන ගොස් අමානුෂික වඳහිංසා පැමිණවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවේ හිමිකරු සහ ඒහි ගමන් කළ ධීවරයන් සිව් දෙනා අගෝස්තු 27 දක්වා බන්ධනාගාර ගත කෙරිණ.

    සිද්ධිය අනාවරණය කිරීමත් සමඟ පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

    මීට මාස ඒකහමාරකට පමණ පෙර දරුවා ධීවර කටයුතු සඳහා පොළඹවා ගෙන රැගෙන ගොස් ඇත්තේ මිරිස්ස ධීවර වරායෙන් පිටත් වූ "දුල්මිණි" නමැති යාත්‍රාවෙන්. ඒහිදී දරුවාට අමානුෂික වඳ හිංසා පමුණුවා ලිංගික අඩන්තේට්ටම් ද සිදුකර ඇති බව වාර්තාවේ. ව්‍යාජ ලේඛන සකස් කර දරුවා ධීවර රැකියාවේ යොදවා තිබේ. පසුගිය 12 වැනිදා යාත්‍රාව ගොඩබිමට පැමිණිමෙන් පසු දෙමාපියන් ඔහු මාතර රෝහලට ඇතුලත් කර ඇත.

    සිද්ධිය පිලිබඳව අනාවරණය වීමෙන් පසු කංචන විජේසේකර, පියල් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරුන් අද මාතර රෝහලට පැමිණ දරුවාගේ සුවදුක් විමසූහ.

    ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා සමාජ සුබසාධන අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් ද රෝහලට පැමිණ සිටියහ.

    මේ අතර, අම්බලන්ගොඩ පටබැඳිමුල්ල වෙරළ මාවත ප්‍රදේශයෙන් කෘතිම මත්ද්‍රව්‍ය කිලෝ 12ක් සොයා ගැනින. ඒ් අබලි ද්‍රව්‍ය ගබඩා කරන ස්ථානයක සඟවා තිබියදී. ගල්කිස්ස පොලිසියට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කෙරිණ. ඒහිදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    Last modified on ඉරිදා, 16 අගෝස්තු 2020 20:41

    Latest News