අද වැසි තත්වයේ අඩුවක්

අගෝ 20, 2020

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ත්‍රීකුණාමලය, මුලතිව් සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

    සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.

    උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්වල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල විටින් විට පැ.කි.මී 40ක් දක්වා තරමක තද සුළං ඇති වේ.

    Latest News