ඉටුකම අරමුදල රු.මි. 1567 දක්වා ඉහළට

අගෝ 22, 2020

    ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදලේ ශේෂය රු. මි.1567 ඉක්මවා තිබේ.

    ධනුක නදිරංග මහතා රු. 2,500ක්, නීතිඥ එස්.කේ.ඩබ්.ගුණවර්ධන මහතා රු. 50,000ක්, එල්.එන්.කේ.පී. ජයකොඩි මහතා රු. 1,000ක් සහ ඩබ්.ඩී. දෙව්දුනු චාමිකර පුතු රු. 603ක් අරමුදලට පරිත්‍යාග කළහ. අදාළ පරිත්‍යාග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙන ලදී.

    කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රු. 112,800ක්, ඩබ්. සිසිර ගුණතිලක මහතා රු. 25,000ක්, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය රු. 473,870.82ක්, ප්‍රියන්ත කළුබෝවිලගේ මහතා රු. 15,000ක්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය රු. 696,297.01ක්, ශ්‍රී ලංකා ජාතිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය, කේ. දිසානායක මහත්මිය රු. 177,000ක්, මුදල් කොමිෂන් සභාවේ සභාපති යූ.එච්. පලිහක්කාර මහතා රු. 50,000ක් සහ මුදල් කොමිෂන් සභාවේ සාමාජික වී. කනගසභාපති මහතා රු. 50,000ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

    දැන් ඉටුකම COVID - 19සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,567,551,476.66කි. දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207#අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 076–0700700/ 011–2320880/ 011–2354340/ 011 - 2424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

    Latest News