ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් සුභපැතුම්

අගෝ 22, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ නව රජය සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්‍ෂා කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ පැවති දුරකතන සංවාදයකදී. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා ඊයේ පෙරවරුවේ දුරකතන ඇමතුමක් ලබාදෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට සුබ පැතූහ. දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කළ හැකි ආකාරය පිළිබඳව නායකයන් දෙදෙනා සාකච්ජාවට ලක් කළේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට ද තම සුභාශිංසන පිරිනමන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය චාරිකාවක යෙදෙන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාට ඇරයුම් කළේය. පෙර ශ්‍රී ලංකාවේ කළ සංචාර සිහිපත් කළ අගමැති ස්කොට් මොරිසන් මහතා සඳහන් කළේ, මේ ලස්සන රටට පැමිණිමට තමා නුදුරු අනාගතයේ දී පියවර ගන්නා බවයි.

    Last modified on සෙනසුරාදා, 22 අගෝස්තු 2020 16:42

    Latest News