රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන්ට අභියාචනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව (වීඩියෝ)

අගෝ 22, 2020
  • රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියා ගත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභී පුහුණුව සඳහා කැඳවීම් නොලබන බවට ප්‍රකාශයට පත්කර ඇති, එහෙත් අනෙකුත් සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන් පුහුණුව සඳහා කැඳවීමට අපේක්‍ෂිත බව, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

    ප්‍රතික්‍ෂේපවීමේ හේතුව ලෙස සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරතවීම ලෙස සඳහන් අයදුම්කරුවන්ට අභියාචනාවක් ඉදිරිපත් කිරීමට මෙමගින් අවස්ථාව සැලසේ. එවැන්නක් සුදුසුකම් ලබන්නේ නම්, පුහුණුව සඳහා කැඳවීමට අපේක්‍ෂා කරන බව, අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි. එම අයදුම්කරුවන්ට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.pubad.gov.lk හි පළ කරන දැන්වීම් අනුව අයදුම් කළ යුතුයි.

    එමෙන්ම සැප්තැම්බර් 15 වැනිදාට පෙර තම අභියාචනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස ද රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා දන්වා සිටී.

    Last modified on සෙනසුරාදා, 22 අගෝස්තු 2020 20:06

    Latest News