අලව්ව, වළකුඹුර මාරක අනතුරින් 5ක් මරුට (වීඩියෝ)

අගෝ 22, 2020
  • අලව්ව, වළකුඹුර ප්‍රදේශයේ සිදුවූ මාරක අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු එම ස්ථානයේම මිය ගියේය.

    අද අලුයම 4.10ට පමණ කුරුණෑගල සිට අලව්ව දෙසට ගමන් කරමින් තිබූ ටිපර් රථයක් සහ අලව්ව දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කළ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබේ. මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ මධ්‍යම අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු සේවකයින් පිරිසක්.

    ඔවුන් වරකාපොළ ප්‍රදේශයේ අවමංගල්‍යයකට සහභාගි වී යළි පැමිණෙන අවස්ථාවේදී අනතුරට මුහුණ පා තිබේ. මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ වරකාපොළ රෝහලේ තැන්පත් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 22 අගෝස්තු 2020 20:02

    Latest News