මුරුංගා කොල විදේශ වෙළදපලට - විදෙස් විනිමය ලංකාවට

අගෝ 24, 2020

    වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨාශයේ ඇතිලිවැව සහ සිරිපුරගම ප්‍රදේශයේ ගොවි පවුල් සීයක් මේ දිනවල සාර්ථක මුරුංගා කොල අස්වැන්නක් නෙලමින් පවතී.

    මෙම ප්‍රදේශයේ මුරුංගා වගාව සිදු කරන මෙම ගොවීන් එක් මසක් තුල රුපියල් 60,000 ආසන්න මුදලක් ඉතාමත්ම පහසුවෙන් උපයන බව ගොවීන් පවසති.

    මුරුංගා ගසෙහි පත්‍ර ලබාගෙන එම පත්‍ර විදෙස් රටවලට අපනයනය කිරීම මෙහිදී සිදුවන අතර, ලාංකීය මුරුංගා පත්‍ර සඳහා විදෙස් වෙළඳපොලෙහි ඉතාමත්ම ඉහළ ඉල්ලුමක් පවතින බව මෙම වගාවන් සිදු කරන ගොවින් සඳහන් කරයි.

    එක් මුරුංගා පත්‍ර කිලෝග්‍රෑම් එකක් රුපියල් 47 - 45 පහත් අතර මිලකට අලෙවි කරන එම වෙලඳපළ වටිනාකමක නිසා ගොවීන් මේ දිනවල ඉහළ ආදයමක් ලබමින් සිටී.

    කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් ගොවි ජනතාවට අවශ්‍ය තාක්ෂණ දැනුමසහ අවශ්‍ය කෘෂිකාර්මික උපකරණ නොමිලේ ලබා දීමට මේ වනවිටත් කටයුතු කර ඇත.

    මෙම මුරුංගා වගාව සඳහා කිසිදු රෝගයක් හටනොගන්නා බවත් වියලි කලාපයේ මෙම මුරුංගා ශාකය සරුවට වැඩෙන බවත් කෘෂිකර්ම නිලධාරීන් පවසති.

    එම නිසා ගොවීන් ඉතාමත්ම පහසුවෙන්ම මෙම වගාව සිදු කරන අතර, ඉදිරියේ දී මෙම වගාව දිස්ත්‍රික්කය තුළ ප්‍රචලිත කිරීමට කටයුතු කරන බව ද ඔවුන් සඳහන් කරයි.

    මෙම වගාවන් නිරීක්ෂණය කිරීම සඳහා සහ අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම පිළිබඳව සොයා බැලීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ දී එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කලේ මෙම වගාවන් සඳහා අවශ්‍ය සියලුම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවයි.

    ගොවීන් වෙනුවෙන් කළ හැකි සෑම කටයුත්තක්ම රජය මැදිහත් වී සිදුකරන බවත් ඉදිරියේ මෙම වගාවන් ව්‍යාපෘත කර විදෙස් විනිමය රට තුළට ගෙන ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

    Latest News