මී උණ රෝගීන් 4554ක් වාර්තා වේ

අගෝ 24, 2020

    වසරේ ගතවූ කාලය තුළ මී උණ රෝගීන් 4554 දෙනෙකු වාර්තා වී වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ අදාළ කාලය තුළ මී උණ හේතුවෙන් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් ඇති බවයි.

    වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ, රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 1146 ක් වේ.

    ගතවූ කාලය තුළ මොණරාගල දිස්ත්‍රික්කයෙන් කිසිදු මී උණ රෝගියෙකු වාර්තා වී නැහැ.

    Latest News