පලස්තීනයට දැක්වූ සහයෝගය කිසිදා අමතක නොවේ - පලස්තීන තානාපති (වීඩියෝ)

අගෝ 26, 2020
  • ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයර් එම්. එච්. ඩර් සයිඩ් අද උදෑසන අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.

    තානාපතිවරයා එහිදී පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස්ගේ සුබ පැතුම් ද අග්‍රාමාත්‍යවරයාට පිරිනැමුවේය. එහිදී තානාපතිවරයා සඳහන් කළේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පලස්තීනයට දැක්වූ සහයෝගය කිසිදා අමතන නොවන බවයි.

    2014 දී මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පලස්තීනයේ කළ සංචාරයේ දී පලස්තීන රාජ්‍යය පිරිනමන ඉහළම සම්මානය වන පලස්තීනයේ තරුව සම්මානය ද එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පිරිනමා තිබේ.

    එසේම 2014 දී ශ්‍රී ලංකා රජය පලස්තීනයට අමෙරිකානු ඩොලර් මිලියනයක ප්‍රදානයක් ද සිදු කළේය. ඉදිරියේදී වෙළෙඳාම සහ ආයෝජන ගෙන ඒම ඇතුළු ශ්‍රී ලංකා පලස්තීන සහයෝගිතාව වැඩි දියුණු කළ හැකි ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ පලස්තීන තානාපතිවරයා අද සාකච්ජා කළේය.

    Last modified on බදාදා, 26 අගෝස්තු 2020 20:01

    Latest News