වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට ජනපතිගෙන් උපදෙස්

සැප් 10, 2020

    පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.

    ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

    ග්‍රාමීය කුඹුරු ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් පෙරවරුවේ පැවැත්විණ.

    එහිදී පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් අතර ඒ සමග දිවයිනපුරා ඇති පුරන් කුඹුරු අක්කර 120,000ක් ආශ්‍රිතව ජාතික ආහාර නිෂ්පාදන දායකත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශ පවසයි.

     

    Latest News