නිදහස් සෞඛ්‍ය ආරක්‍ෂා කිරීමට කැපවනවා; අගමැති

සැප් 11, 2020

    රටේ නිදහස් සෞඛ්‍ය ආරක්‍ෂා කිරීමට නව රජය කැපවන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    කොවිඩ් 19 පාලනය කර ගනිමින් රටක් ලෙස යම් ජයග්‍රහණයක් ලැබුවේ නම්, ඒ අපේ රටේ පවතින විශිෂ්ඨ සෞඛ්‍ය සේවය නිසා බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. කොළඹ හෙද විදුහලේ සිසුන් 298 දෙනෙකුට සේවයට කැපවීම සහ හිස්වැසුම් පැළඳීමේ උළෙලේ දී මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේය. උත්සවය අරලියගහ මන්දිරයේදී අද පැවැත්විණ.

    රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙහිදී ප්‍රකාශ කළේ, මහින්ද රාජපක්‍ෂ මහතා පෙර සිටම හෙද සේවයේ උන්නතිය වෙනුවෙන් ඉමහත් කාර්ය භාරයක් ඉටු කළ බවයි.

    රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වන්තේ මහතා සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News