ජන සහන අයවැයට ශ්‍රි.ල.නී.ප. සහය - රාජිත

ජන 10, 2019

    මාර්තු මස 05 දින ඉදිරිපත් කිරිමට යෝජිත ජනතා සහන අයවැයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද සහයෝගය දෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 

    රාජිත සේනාරත්න පදනම විසින් බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් දරුවන් 200 කට පාසල් උපකරණ බෙදාදීම වෙනුවෙන් පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    සෞඛ්‍ය අමාත්‍යවරයා - “යහපාලන රජය බලයට පත්වීමෙන් පසු නිවැරදි සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා. මම සිංගප්පූරුවේ සිංහ හෙල්ත් ව්‍යවපෘතිය සමග සාකච්ඡා කර මෙරට සෞඛ්‍ය සේවකයින් පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. වෛද්‍යවරුන්ගේ සිට කළමණාකරණ සේවා නිලධාරීන් දක්වා එම පුහුණුව ලබාදෙනවා. දියුණු රටක සෞඛ්‍ය සේවා කටයුතු සිදු කරන ආකාරය පිළිබදව එහිදී සෞඛ්‍ය සේවකයින්ට අධ්‍යනයනය කරන්න පුළුවන්. පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරිමට සුදානම් වන විට අපේ රජය ජනාධිපතිවරයා විසින් විසුරුවා හැර ඊනියා රජයක් බිහි කළා. නමුත් යළි රජය ස්ථාපිත කර ඇති බැවින් පෞද්ගලික රෝහල්වල විවිධ මිල ගණන් නියාමනය කිරිමට අපි කටයුතු කරනවා. ජනතාව දියවැඩියා රෝගයෙන් ආරක්ෂා කිරිම සදහා පැණිබිම සදහා බදු පනවා තිබුනා. එම පැණිබීම බද්ධ ඊනියා ආණ්ඩුවේ අග්‍රමාත්‍යවරයා විසින් අඩු කර තිබෙනවා.

    ඔවුන් තමයි දේශප්‍රේමීන් වන්නේ. දරුවන් පාවා දෙමින් සාක්කුවට මුදල් දමාගන්න හදනවා. නමුත් අඩු කළ බදු මුදල යළි වැඩි කිරීමට අපි පියවර ගන්නවා. මේ පිළිබදව මුදල් අමාත්‍යවරයා සමග මම සාකච්ඡා කර කඩිනමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. වැරදි ආහාර රටාවෙන් දරුවන් බේරාගත යුතුයි. රුපියල් සත වලින් නොව මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීමට අපි කටයුතු කළ යුතුයි. බහුජාතික සමාගම් වල අයිතිය වෙනුවෙන් නොව ජනතාවගේ අයිතිය වෙනුවෙන් අපි කටයුතු කළ යුතුයි.”

     

     

     

     

     

     

    Latest News