මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 3287ක්

සැප් 21, 2020

    මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 3287ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ දිනයේ නව ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගැනිණ.

    සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙක් මෙලෙස කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගැනුණ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සඳහන් කළේ ය.

    ඒ අනුව රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 186 දෙනෙක්. සුවය ලැබු කොවිඩ් ආසාදිතයින් ගණන 3088ක්.

    මේ අතර අද (21) දිනය තුළ පුද්ගලයින් 136 දෙනෙක් නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටව යෑමට නියමිත බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ඊයේ දිනයට පමණක් පරීක්ෂණ 1785ක් සිදුකර තිබේ.මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව මේ වන විට 268,371ක් වෙයි.

    Latest News