විෂ මත්ද්‍රව්‍ය වැලැක්වීමට ධීවර ප්‍රජාවත්

ජන 11, 2019

    මෙරට ධීවර ප්‍රජාවම දායක කර ගනිමින් මුහුදු මාර්ග ඔස්සේ රට තුලට විෂ මත්ද්‍රව්‍ය රැගෙන එම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතයක් ආරම්භ කිරීමට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තීරණය කර තිබේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංකල්පයක් අනුව ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙලට ශක්තියක් වීම සදහා මෙම වැඩ සටහනය දියත් කෙරේ.

    රට වටා ඇති සියළු තොටුපල සහ ධීවර වරායන් ජාලයක් ලෙස මෙම ජාතික වැඩපිළිවෙල සදහා දායක කරගැනීමට සැලසුම් කර තිබේ. ධීවර ක්‍ෂේත්‍රයට හදුන්වා දුන් “නිල් ආර්ථික” වැඩපිළිවෙල යටතේ ප්‍රජා මුලික කළමණාකරණ ක්‍රමවේදය යටතේ අනාගත පරපුර මතින් නිදහස් කර ගැනීම මෙහි අරමුණවේ.

    ධීවර වරාය නීතිගත සංස්ථාවට නව ප්‍රධානින් පත් කල වහාම වරාය කළමනාකරණ කම්ටු පිහිටුවා, එම කම්ටු මගින් කළමනාකරණය, ධීවර වරාය සංවර්ධනය සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට දිලිප් වෙදආරච්චි මහතා බලාපොරොත්තුවේ. රටතුලට විෂ මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැලැක්වීම සදහා ශ්‍රී ලංකා පොලිසියට, පොලිස් විශේෂ කාර්ය බලකායට, ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක බලකායට සමස්ථ ධීවර ප්‍රජාවගේම සහය මෙම වැඩපිළිවෙල ඔස්සේ හිමි කරදීම සිදුවේ.

     

     

     

     

     

     

     

     

     

    Last modified on සිකුරාදා, 11 ජනවාරි 2019 14:09

    Latest News