කොළඹට අද පැය 10ක ජල කප්පාදුවක්

සැප් 26, 2020

    කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (26) සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අද රාත්‍රී 08.00 සිට හෙට (27) පෙරවරු 06.00 දක්වා කාලය තුළයි.

    ඒ අනුව කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 11 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.

    මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩසටහන යටතේ බෙදාහැරීම් පද්ධතියේ අතශවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

    Latest News