රළ මත ලිස්සා යාමේ තරගාවලිය; පිරිමි අංශයේ ජය ශ්‍රී ලංකාවට

සැප් 27, 2020

    ජාතික හා ජාත්‍යන්තර රළ මත ලිස්සා යාමේ තරගාවලිය අද පස්වරුවේ අවසන් විය.

    තරගාවලිය පැවැත්වුනේ, ආරුගම්බේ වෙරළ තීරයේදී. ක්‍රීඩා අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය සහ පෞද්ගලික ආයතනයක් එක්ව තරගාවලිය සංවිධාන කර තිබිණ. ජාතික ශුරතාවලියේ පිරිමි අංශයේ තරග සඳහා ක්‍රීඩකයන් 67 දෙනෙකු සහභාගි වු අතර, එහි ජාත්‍යන්තර තරගාවලියට ක්‍රීඩකයන් තිස් දෙදෙනෙකු එක්වූහ.

    ජාත්‍යන්තර කාන්තා තරගාවලියට සහභාගි වූ ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 14ක්. තරගාවලියේ කාන්තා ජාත්‍යන්තර අංශයේ පළමු ස්ථානය දිනාගත්තේ දකුනු අප්‍රිකාව නියෝජනය කළ නිකිටා රොබ් ක්‍රීඩිකාවයි. එහි දෙවැනි ස්ථානය එස්තෝනියා ක්‍රීඩිකාවක් දිනාගත් අතර, තුන්වැනි ස්ථානය දිනාගත්තේ ශ්‍රී ලංකාවේ ඈන් සුනාරා ජයමාන්නයි.

    එහි පිරිමි අංශයේ ජය ශ්‍රී ලංකාවේ අසංක සංජීව දිනාගත්තේය. දෙවැනි ස්ථානය ඊශ්‍රායල් ක්‍රීඩකයෙකු දිනාගත් අතර, තුන්වැනි ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමිවිය. ජාතික අංශයේ පිරිමි ශුරතාව දිනාගත්තේ ලක්‍ෂිත මධුෂාන්. සංඛ සංජීව එහි දෙවැනි ස්ථානයත්, ලසිත ප්‍රභාත් තුන්වැනි ස්ථානයත් දිනාගත්තේය.

    Latest News