කොවිඩ්-19; පාලනයෙන් ශ්‍රී ලංකාව දෙවැනි තැනට

සැප් 27, 2020

    කොවිඩ්-19 රෝග පාලනය හා මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ලොව රටවල් 108ක් අතරින් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

    ඒ සඳහා වූ පර්යේෂණය සිදු කරනු ලැබ ඇත්තේ චීනයේ “යීකායි“ පර්යේෂණ ආයතනය විසින්. මේ අනුව ශ්‍රී ලංකාව රෝගය මැඩපැවැත්වීමට විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි එම ආයතනය පවසයි. මෙහි සම්පූර්ණ වාර්තාව ලබන ඔක්තෝබර් මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අතුරු වාර්තාවක් නිකුත් කරමින් එම පර්යේෂණ ආයතනය පවසන්නේ, ආසියානු රටවල් 10ක් එම ලැයිස්තුවේ ප්‍රමුඛතාව ගෙන ඇති බවයි. චීනය, ශ්‍රී ලංකාව, දකුනු කොරියාව, මියන්මාරය, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, නවසීලන්තය, වියට්නාමය සහ කාම්බෝජය ඒ අතර වේ. රෝගය මැඩපැවැත්වීම හා පාලනය කිරීම සහ එය හඳුනා ගැනීම සඳහා ක්‍රමවේද පරිහරණය කිරීමේදී ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග එහිදී ඇගැයීමට ලක්ව තිබේ.

    මෙහිදී ශ්‍රී ලංකාව ලබාගත් සමස්ත ලකුණු සංඛ්‍යාව 59.2ක්. වසංගතය මැඩපැවැත්වීමේදී ඒ සඳහා දැක්වූ දායකත්වය 70.8ක් වන අතර, වසංගතය මැඩපැවැත්වීමේදී ඒ සඳහා දැක්වූ දායකත්වය 70.8ක් වන අතර, වසංගතයට එරෙහිව කළ ක්‍රියාකාරකම් හේතුවෙන් ලබාගත් ස්ථානය 03ක් ලෙස එහි දැක්වේ. ආර්ථිකය, ප්‍රතිආවරණය කිරීම වෙනුවෙන් ලබාදී ඇති ලකුණු සංඛ්‍යාව 49.1ක්. එමෙන්ම, ආර්ථිකය ප්‍රතිආවරණය කිරීම සඳහා ලබාදුන් ස්ථානය 12 ලෙසයි දැක්වෙන්නේ. විදෙස්සබඳතා අංශය වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් ලකුණු 20.0ක් හා ඒ වෙනුවෙන් ලබාගත් ස්ථානය 33ක් ලෙස මෙහි දැක්වේ.

    ඒ අනුව ශ්‍රී ලංකාව දෙවැනි ස්තානයට තෝරා ගැනීමට YICAI පර්යේෂණ ආයතනය පියවර ගෙන ඇතැයි, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. පර්යේෂණයේදී ප්‍රමුඛස්තානය හිමිව ඇත්තේ, මහජන චීනයටයි. තුන්වැනි ස්ථානයට පත්ව ඇත්තේ ඝානා රාජ්‍යයි. දකුණු කොරියාව සිව්වැනි ස්ථානයට, මියන්මාරය පස්වැනි ස්ථානයට පත්ව තිබේ.

    ඔස්ට්‍රේලියාව, තායිලන්තය, නවසීලන්තය යන රටවල් පිළිවෙළින් 6,7 සහ 8 යන ස්ථානවල පසුවේ. වියට්නාමය සහ කාම්බෝජය පසුවන්නේ 9 වැනි සහ 10 වැනි ස්ථානවලයි. මෙම වර්ගකිරීමේදී ශ්‍රී ලංකාව ලබාගත් සමස්ත ලකුණු සංඛ්‍යාව 59.2ක්. ප්‍රථම ස්තානය ලබාගත් චීනය 68.1ක් හා තෙවැනි ස්ථානය ලබාගත් ඝානා රාජ්‍යය 58.8ක් ලබාගෙන තිබේ.

    මියන්මාරය 56.3ක් හා ඔස්ට්‍රේලියාව 55.6ක් ලබා ගෙන ඇති අතර, තායිලන්තය ලබාගත් ලකුනු සංඛ්‍යාව 55.4ක්. නවසීලන්තය ලකුණු 55.1ක් හා වියට්නාමය 54.0ක් ලබාගෙන තිබේ. කාම්බෝජය ලබාගත් ලකුනු සංඛ්‍යාව 53.7ක්.

    Latest News