ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී. චීන රාජවංශය බිඳ වැටීමත් වූචං කැරැල්ල සහ චීන මහජන සමූහාණ්ඩුවේ ආරම්භයත් සිහි කිරීම වෙනුවෙන් සෑම වසරකම ඔක්තෝබර් පළමු වැනි දින චීනය සිය ජාතික දිනය සමරනු ලබයි.
චීන රජය සංවිධාන කළ ආසියානු කලාපීය පාසල් චිත්‍ර තරගාවලියේ ප්‍රථම,දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා සහති පත් සහ ත්‍යාග ප්‍රදානය අග්‍රාමාත්‍යතුමා අතින් සිදු කෙරිණ. මෙයට සමගාමීව,චීන-ශ්‍රී ලංකා පාසල් ළමුන් පවත්වනු ලැබූ චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ද අග්‍රාමාත්‍යතුමා එක්විය.
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි,හිටපු කතානායක කරු ජයසූරිය,හිටපු අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන,වැඩබලන ශ්‍රී ලංකා - චීන තානාපති හූවෙයි, ශ්‍රී ලංකා චීන සංගමයේ සභාපති ජෙනත් ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.