අගවිනිසුරුවරයා ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් එය සිදු කිරීමට නියමිතයි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ, පසුගිය 22 වැනි දිනයි. එතැන් සිට ඒ සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ගවලට සහතික කාලයක් හිමිවිය.
එම කාලය තුළ අධිකරණයට පෙත්සම් 39ක් ගොනු කර තිබේ. ඊයේ දිනයේ පමණක් ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 21ක්. එමෙන්ම,එම පෙත්සම්වලට එරෙහිව අතරමැදි පෙත්සම් ද 36ක්ද ගොනු කර තිබේ.
එම පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවීමට නියමිතයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය,බුවනෙක අලුවිහාරේ,සිසිර ද ආබෘ,ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලයි.