අමෙරිකානු ජනපති හා ආර්යාවට, ජනපති ගෝඨාභය ඉක්මන් සුවය පතයි

ඔක් 03, 2020

    කොවිඩ්19 වෛරසය ආසාදනය වී සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එම ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටිනවා.

    මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආශිර්වාදය ඔබ සමග නිරන්තරයෙන්ම තිබෙන බවටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සටහන් කර තිබෙනවා.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කරමින් මිට සුළු මොහොතකට පෙර සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබේ.

    Latest News