ලංගම දෛනික ආදායම කෝටි 02කින් අඩුවේ

ඔක් 09, 2020

    කොවිඩ් වයිරසය යළි ව්‍යාප්ත වීම හේතුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ දෛනික ආදායම මිලියන 20කින් පමණ පහත වැටී ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්. පණ්ඩුක පවසයි.

    කොවිඩ් යළි ව්‍යාප්ත වීමට පෙර දෛනික ආදායම මිලයන 75ත් 80ත් අතර අගයක් ගත් බව පවසන ඔහු මේ වන විට එය මිලියන 54 දක්වා අඩු වී ඇති බව පෙන්වාදුන්නේය.

    මෙම තත්ත්වය මත ඉන්ධන වියදම පියවා ගත හැකි වුවද අනෙකුත් වියදම් පියවා ගැනීම අසීරු බව ඔහු කියයි.

    කෙසේ නමුත් මෙම අවස්ථාවේ දී ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කොට වසංගතය පාලනය කිරීම වැදගත් වන බැවින් ධාවනය වන බස් රථ ප්‍රමාණය අඩු නොකොට ආසන ප්‍රමාණයට මගීන් රැගෙන යාමට කටයුතු කර ඇති බව ද සඳහන් කළේය.

    ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල බස් රථ ධාවනය මේ වනවිට මුළුමනින්ම නවතා ඇති අතර බස් රථ ධාවනයේ දී සිදුවන මූල්‍යමය පාඩුව හේතුවෙන් පෞද්ගලික බස් හිමියන් බස් රථ සංඛ්‍යාව සහ ගමන්වාර සංඛ්‍යාව අඩු කර තිබේ.

    Latest News