රිජ්වේ ළමා රෝහලට පැමිණි දරුවෙකුට සහ පියෙකුට කොරෝනා

ඔක් 09, 2020

    රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සදහා පැමිණි දරුවෙකුට සහ තවත් නේවාසික දරුවෙකුගේ පියෙකුට වෛරසය වැළදී ඇති බව එම රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කරනවා.

    මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණි දරුවෙකුට කොරෝනා වයිරසය අසාදනය වී තිබෙනවා.

    එසේම තම දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් නුවර ප්‍රදේශයේ සිට පැමිණ කොළොන්නාව ප්‍රදේශයේ නැවතී සිටින පියෙකුට ද වයිරසය ආසාදනය වී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසන්නේ.

    කෙසේ වෙතත් එම රෝගී දරුවාට සහ මවට රෝගය වැළදී නැති බව තහවුරු වී තිබෙනවා.

    රෝගය වැළදී ඇති දරුවා අයිඩීඑච් රෝහලට යොමු කර තිබෙනවා.

    මෙහිදී රෝහල් කාර්යමණ්ඩලය නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ බැවින් ඔවුන්ට අවදානමක් නොමැති වුවද මෙම තත්ත්වය මත අත්‍යවශ්‍ය කරුණකට හැර රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණීමෙන් වළකින ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News