ජනිත් මධුශංක නොහොත් පොඩි ලැසී යළි රිමාන්ඩ්

ඔක් 09, 2020

    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ජනිත් මධුශංක නොහොත් පොඩි ලැසී තවදුරටත් රක්ෂිත බන්ධානාගාර ගත කෙරුණා.

    ඔහු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

    පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පොඩි ලැසී අද (09) අධිකරණය වෙත ඉදිරිපත් කළේ නැහැ.

    අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සඳහා ඔහු සම්බන්ධ කරගෙන තිබේ.

    එහිදී පොඩි ලැසී වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඔහුට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

    එහෙත් ජනාධිපතිතුමා සහ ආරක්ෂක ලේකම් ඇතුළු පිරිසකට මරණ තර්ජන එල්ල කළ බවට චෝදනා ලැබ සිටින ඔහුට ඇප ලබාදීමට දැඩි ලෙස විරෝධය පල කරන බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේ.

    කරුණු සළකා බැලූ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නඩුව 16 වැනි දින තෙක් කල් තැබීමටත් එතෙක් පොඩි ලැසී තවදුරටත් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමටත් නියෝග කෙරිණ.

    Latest News