ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිට තවත් චෝදනාවක්

ජන 16, 2019
    ‍හිටපු නාවික හමුදාපති සහ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන අප්‍රේල් මස 03 වනදා යළි කැදවන්නැයි  කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (16 ) නියෝග කළේය. 
     
    රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නාවික හමුදා මුලස්ථානයේ පිහිටි නාවික නිවස්නයේ රැදී සිටි කාමර පරීක්ෂා කළ බවත් ඔහු එම කාමර වල තවදුරටත් අනවසරයෙන් රැදී සිටින බවටත් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. සිද්ධියට අදාළව දුරකථන විශ්ලේෂණ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් ඉදිරි දිනක අධිකරණයට කරුණු වාර්තා කරන බවත් රහස් පොලිසිය අධිකරණයට තවදුරටත් කියා සිටියා.
     
    2007 - 2008 වසර වල දී කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලින් තරුණයක් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් පසුගිය අගෝස්තු 13 වැනි දා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 
     
    ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට වරෙන්තු නිකුත් කර තිබියදී ආරක්ෂාව සහ රැකවරණ සැලසුබවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට චෝදනා එල්ලවි තිබේ.
     
    Last modified on බදාදා, 16 ජනවාරි 2019 12:41

    Latest News