ඊයේ රාත්‍රියේ හදිසි මරණ පරික්ෂණය පවත්වා මලසිරුර බලපිටිය මූලික රෝහලේ තැම්පත් කෙරිණ. රන්දොබේ මුහුදු තීරයේ පාවහන් යුවලක් සහ බැගයක්, දුරකතනයත් තිබී හමුවී ඇති අතර එහි හිමිකාරිය මුහුදේ අතුරුදහන් වී ඇතැයි පවතින සැකය මත අම්බලන්ගොඩ පොලිසිය, ගාල්ල නාවික හමුදාව එක්ව සොදිසි කිරිම් ආරම්භ කළේය.
මෙම බැගයෙන් ලැබුනු තොරතුරු අනුව දොඩන්දුව, කටුදම්පෙ, හේන වත්ත පදිංචි නිෂාරා සිතුමිනි ගුණසිංහ (18) නැමති තරුණියක් බවට හදුනා ගෙන තිබේ. නාවික හමුදාව ඇය සොයා රන්දොබේ මුහුදු තීරයේ දින 2ක් සොදිසි කිරිම් සිදුකළේය. පවුලේ අය සඳහන් කළේ 15 උදේ ගොනාපිනුවල ඇගලුම් කම්හලේ සේවයට යෑම සඳහා නිවසෙන් පිටව ගිය බවයි. ඇය මියගිය ආකාරය ගැන අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන සිදු කරයි.