අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

ජූලි 28, 2022

    ‍‍අම්බලන්ගොඩ - ගලගොඩ ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසක් ඉදිරිපිට සිදු වූ  වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. තුවාල ලැබූ තවත් අයෙකු බලපිටිය මුලික රෝහලට ඇතුළත් කෙරුණා.

    මිය ගොස් ඇත්තේ, අවමංගල්‍ය පැවති නිවසේ හිමිකරු හා එහි පැමිණ සිටි තවත් පුද්ගලයෙක්. යතුරු පැදියකින් පැමිණි දෙ‍දෙනෙකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා. 

    බරපතල තුවාල ලැබූ නිවෙස් හිමියා රෝහල් ගත  කිරීමෙන් පසු මිය ගිය අතර, අනෙක්  පුද්ගලයා මෙම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත් වුණා.

    ඉකුත් 26 වැනි දින දහවල් අම්බලන්ගොඩ - ඌරවත්ත ප්‍රදේශයේ සිදු කළ වෙඩි  තැබීමකින් පසුව පුද්ගලයෙකු මිය යාම සහ මෙම සිද්ධිය අතර සම්බන්ධයක් ඇති බවට සැකකෙරෙන බවයි, පොලීසිය පවසන්නේ.

    Latest News