ජල සම්පාදනය සේම මනු කියවීම හා බිල්පත් නිකුත් කිරීම ද සුපුරුදු පරිදි සිදු කෙරේ. ඒ අතර ඔවුන් විසින් ඉටු කරනු ලබන එම කර්තවයට ජනතාවගේ සහයෝගය ලබාදෙන ලෙසත් ඒ අනූව ක්රියාකළ යුතු ආකාරයත් මෙලෙස සඳහන් කර ඇත.
-
ජල පාරිභෝගිකයන් ලෙස ඔබේ නිවසට සෞඛ්යාරක්ෂිත ලෙස පැමිණෙන මනු සටහන්කරුවන්ට ජල මනුව පහසුවෙන් කියවීහට ඉඩකඩ ලබා දෙන්න.
-
මනු සටහන්කරු සමග කථා කිරීම හෝ මුණ ගැසීම හැකිතාක් අවම කරන්න.
-
සකස් කරන ලද බිල්පත තැපැල් පෙට්ටියට හෝ වෙනත් සුදුසු ස්ථානයක මනු සටහන් නිලධාරී විසින් තබා යනු ඇත.
-
බිල්පත සම්බන්ධයෙන් යම් ගැටළුවක් වේ නම් බිල්පතේ පසුපිටේ සඳහන් දුරකථන අංකය ඇමතීමෙන් විමසිය හැකිය.
-
ඔබට waterboard.lk යන වෙබ් අඩවිය ඔස්සේ බිල්පත් ගෙවීමට පහසුකම් සලසා ඇත. ජංගම දුරකථන භාවිත කර NWSDB Self-care app හරහා ජල බිල් ගෙවීමට පහසුකම් ඇත. පාරිභෝගික ජල ගැටලු වෙනුවෙන් 1939 අංකය පැය 24 පුරා විවෘතව පවතින අතර, මෙය නොමිලේ සැපයෙන පාරිභෝගික සේවාවකි.
-
ජල සම්පාදනය පිළිබඳ නවතම තොරතුරු සැනකින් දැනගැනීම සඳහා 071- 93 99 999 අංකයට ද sms කළ හැකිය.
-
E ලකුණ යොදා ඔබේ ගිණුම් අංකය සඳහන් කොට 071 -93 99 999 අංකයට sms කිරීමෙන් ඔබේ ජල බිල්පතේ නවතම තත්ත්වය දැනගත හැකිය.