ජල නල මාර්ගයක සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ඊයේ රාත්‍රී (18) සිට ජල සැපයුම පැය 24ක කාලයක් සඳහා අත්හිටුවීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.

අඹතලේ සිට මාලිගාකන්ද දක්වා වූ ජල නළයක සිදුකෙරෙන හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් අද දහවල් සිට පැය 15ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන සහ ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරයි.

කොරෝනා වසංගත තත්ත්වයෙන් රට අවධානම් තත්ත්වයට පත්ව සිටින අවස්ථාවක වුවත්, ජනතාවට අවැසි ‍සෞඛ්‍යාරක්ෂිත පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීමේ ජාතික මෙහෙයවර නොපිරිහෙලා ඉටුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

Latest News