පන් කෝටි 18 ලක්ෂය ඉක්මවූ ආසාදිතයින්

නොවැ 11, 2020

    ගෝලීය කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට පන් කෝටි දහ අට ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

    ලොවපුරා මෙතෙක් සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව දොළොස් ලක්ෂ අසූ දහසකට ආසන්නයි. මේ අතර ඉකුත් පැය 24 තුළ අමෙරිකාවෙන් අලුතින් ආසාදිතයන් එක් ලක්ෂ තිස් පන් දහසකට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.

    අමෙරිකාවේ කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට එක්කෝටි පන් ලක්ෂය ඉක්මවා ගිහින්. එරට සමස්ත මරණ සංඛ්‍යාව දෙලක්ෂ හතළිස් පන් දහස ඉක්මවා ගියේ ඉකුත් පැය 24 තුළ සිදුවූ කොරෝනා මරණ 1345ත් සමගයි.

    Last modified on බදාදා, 11 නොවැම්බර් 2020 09:10

    Latest News